ම්නිසුන්ගේ නිර්මාණශිලීත්වය අද සමාජය තුළ හිර කරලා

Share

මෙරට ජනතාව මුහුණ දී ඇති සමාජ ආර්ථික ප්‍රශ්නවලට පවතින පාලන ක්‍රමය ඔස්සේ පිළිතුරු සැපයිය නොහැකි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක දුමින්ද නාගමුව මහතා පවසයි.

කෑගල්ල නගරයේ ඊයේ(12) පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, අද රටේ ජනතාව මුහුණ දී සිටින සමාජ ප්‍රශ්න සඳහා සමාජවාදී ක්‍රමයකින් පිළිතුරු සැපයීමට බලාපොරොත්තු වන බවයි.

මෑත කාලීනව නඩුවලින් වැඩි ප්‍රමාණයක් කෙඩිට් කාඩ් නඩු වන බවත් පැවසු ඒ මහතා, දෙවැන්න ලීසිං නඩු බවත් තෙවැන්න දික්කසාද නඩු බවත් පැවසීය.

ඉස්සර නම් කඩේ මුදලාලි ළඟ ඇති පොතට ණයට බඩු ගන්නා බවත් පැවසු ඒ මහතා, දැන් වන විට පොත පත වී ඇතැයි ද කියා සිටියේය.

ණයට කන, ණයට අඳින , ණය ගෙවන්න කෙලවරක් නොමැතිව වැඩ කරන්න සිදුවන ජීවිතයක් අහිමි කළ සමාජයක් බවට අද පත්ව ඇතැයි පැවසු ඒ මහතා, සමාජවාදය යනු වැඩ කරන සියලු දෙනාට වැඩ කිරිමෙන් පසුව විවේකයක් ලබා දීම බවත් පැවසීය.

මිනිසුන් ලෙස අලුත් දෙයක් කිරීමට විවේකයක් අවශ්‍ය බවත් කියා සිටි නාගමුව මහතා, නිර්මාණශිලීත්වය අද සමාජය තුළ හිර කරලා ඇතැයි ද සඳහන් කළේය.

සමාජවාදී බලවේගය ශක්තිමත් කිරීමට මෙම මැතිවරණය යොදා ගන්නා ලෙසත් ඒ මහතා  වැඩිදුරටත් පැවසීය.

Read more

Local News