ගෝඨා ජනපති වු විගස සයින්දමරුදුවලට නගර සභාවක්

Share

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්වූ විගස සයින්දමරුදු ප්‍රදේශයේ නගර සභාවක් පිහිටුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

නව පාලනය යටතේ ජාති ආගම් භේදයකින් තොරව සියලුදෙනාට එක්ව ජීවත්විය හැකි ආරක්ෂිත රටක් බිහිකරන බව සයින්දමරුදු ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන සයින්දමරුදු ජනරැලිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත් විය.

මෙහිදී අදහස් දැක්වු අල්හාජ් වයි.එම්. හනීෆා මව්ලවි තුමන් පවසා සිටියේ, “එළඹෙන 16වනදා ගෙදර ඉන්න හැමෝම එක්ක ගිහින් පොහොට්ටුව ලකුණට ඡන්දය දෙන්න එතකොට ඔයාලා ආපු එකට ප්‍රතිඵලයක් ලැබෙයි.” යනුවෙනි.

මෙහිදී අදහස් දැක්වු බැසිල් රාජපක්ෂ මහතා පවසා සිටියේ, නොවැම්බර් 17 වන දින ජනාධිපතිධූරයට පත්වෙන ගෝඨාභය මහතාගේ පළමු කාර්ය වන්නේ සයින්දමරුදුවලට නගර සභාවක් ලබා දීම බවයි.

එමෙන්ම එම නගර සභාවේ මුල්ගල තියන්න තමාට ද ආරාධනා කරන්නැයි පැවසු රාජපක්ෂ මහතා, ජාති හා ආගම් භේදයකින් තොරව සියලු දෙනාටම තම අයිතීන් රැකෙන ලෙස ආරක්ෂාව ගෝඨාභය හා මහින්ද රාජපක්ෂවරුන් ලබා දෙන බවත් කියා සිටියේය.

Read more

Local News