රෝසි බුද්ධියක් තියෙන නායකයෙක් ගැන කියයි

Share

21ක් වෙනි සියවසේ මායිම් නැති විශ්ව ගම්මානයේ දැනුම් ආර්ථිකයක් කරා යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දෙන බුද්ධියක් ඇති ජන නායකයෙක් බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය පවසයි.

ඊයේ(12) බලපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් කොළඹ පුරපතිනි මේ බව සඳහන් කළේය.

මෙම අවස්තාව සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මිය සහභාගීවී සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය මේ බව පැවසීය.

“මේ ජනාධිපති මැතිරණයට ඉදිරපත් වන අපේක්ෂයන් දෙදෙනා අතරින් අපිව නියෝජනය කරන සත්භාවයෙන් අපිව නියෝජනය කරන, සානුකම්පිතව ජනතාවගේ හද ගැස්ම තේරුම් ගත්ත මේ රටේ කාන්තාවගේ සියලුම අවශ්‍යතාවයන් හඳුනාගෙන, කාන්තාවන් වෙනුවෙන් ප්‍රඥාප්තියක් ඉදිරිපත් කරලා,

තරුණයන් කේන්ද්‍රය කරගත් ආර්ථිකයක් තුළින්, තරුණ ජවය, තරුණ ශක්තිය රටේ සංවර්ධනයට දායක කරන්න. තරුණ ප්‍රඥප්තියක් එතුමා ඉදිරිපක් කරලා අත්සන් කරලා ගිවිසුම් ගැහුවා.“

Read more

Local News