ජනාධිපතිවරණ සටන නිසැකව ම ජයගන්නා බව අකිල කියයි

Share

විනාශ වී ගිය ආර්ථිකයක්, පිරිහී ගිය සදාචාරයක් සහිත රටක් භාරගනිමින් ගත වූ වසර කිහිපය තුළ උපරිම වේගයෙන් වැඩ කළ බවත්, ඒ නිසා මෙම ජනාධිපතිවරණ සටන නිසැකව ම ජයගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ (12) කුලියාපිටියේ පැවති ජනහමුවට එක්වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,

“අවුරුදු තුනහමාරක් තිස්සේ හොඳම අමාත්‍යාංශ ටික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා, පළාත් සභා පවා නැතුව, රාජපක්ෂලා ඉවරකරල ගියපු භාණ්ඩාගාරය, විනාශ කරල ගිය ආණ්ඩුව, ඔවුන් විනාශ කරලා ගිය සදාචාරය, මේ රටේ ආර්ථිකය, මේ රටේ ජාත්‍යන්තර ව අපට තිබුණු කීර්තිය, මේ හැම දෙයක්ම නැති කරල ගිය රටක් භාර අරගෙන අපි කරපු හරිය මදිද කියල මම තමුන්නාසෙලගෙන් අහන්න කැමතියි. තමුන්නාන්සෙලා දන්නවා..අපි හොදට කැප වෙලා වැඩ කළා. අපට යන්න පුළුවන් උපරිම වේගයෙන් අපි වැඩ කළා.

පක්ෂයක් වශයෙන් සාමූහික ව මුල සිට ම කටයුතු කළ බවත්, ඒ නිසා මෙවර එක්සත් ජාතික පක්ෂයට විජයග්‍රහණය නියත වශයෙන් ම හිමි වනවා.

ගොඩක් අය බලාගෙන හිටියා එක්සත් ජාතික පක්ෂය කැඩෙයි, විවිධ කොටස්වලට භේද වෙයි කියලා. නමුත් අපිට පුළුවන්කම ලැබුණා සජිත් ප්‍රේමදාස මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අපේ නායකයො හැම කෙනෙක් ම එක දරමිටක් වගේ එකමුතු වෙලා මේ ජනාධිපතිවරණ සටනට එන්න අපට පුළුවන් වුණා. මම ආඩම්බර වෙනවා මේ යුගයේ පක්ෂයේ මහලේකම් හැටියට මේ සටන මෙහෙයවන්න අපේ උපරිම කැපවීම ලබා දෙන්න හැකිවීම ගැන. අද මේ කුලියාපිටියට ආව ජන ගංගාවෙන් ම පේනවා මේ සටන අපි දිනනවා කියලා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් රටේ දරුවන් වෙනුවෙන් සුරක්ෂා රක්ෂණය හඳුන්වා දුන් බව ද, ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේ රටපුරා පාසල් ගොඩනැගිලි අතිවිශාල ප්‍රමාණයක් ඉදිකර දුන් බව ද, 13 වසරක අධ්‍යාපන වැඩසටහන හදුන්වා දෙමින් සාමාන්‍ය පෙළ අසමත් දරුවන්ට ද වෘත්තීය විෂයන් ඔස්සේ අනාගතය ශක්තිමත් කරගන්නට අවස්ථාව සලසා දුන් බව ද, රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය නගාසිටුවීම වෙනුවෙන් උපරිමයෙන් ම කටයුතු කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Read more

Local News