සජිත් මැටි ගොඩක් යැයි සමන්ත කියයි

Share

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා විසින් මාස එකහමාරක් තුළදී කට වරද්දාගෙන දෙවරක් සමාව ඉල්ලා ඇති බව ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඊයේ(13) බදුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් සමන්ත විද්‍යාරත්න මහතා පවසා සිටියේ එලෙස කට වරද්දාගෙන දෙවරක් සමාව ඉල්ලූ පුද්ගයෙකු ජනාධිපති වුව හොත් වැඩ කරන විට කොමන ප්‍රමාණයක් වරදී දැයි ප්‍රශ්න කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඌව පළාත් සභා හිටපු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා මේ බව පැවසීය.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වුණ ප්‍රධාන අපේක්ෂයන් තුන්දෙනයි, අනෙක් අය වැඩක් නෑ. මේ තුන්දෙනා අතරින් මේ රට ගොඩ ගැනීමට දැක්මක් හැකියාවක් දැනුමක් ඇත්තේ කවුරන්ගාවද යන්න බලන්න.

සජිත් කියන්නේ හැකියාව තියෙන මිනිහෙක් නෙමෙයි. ගෝඨා කියන්නේ හැකියාව තියෙන් මිනිහෙක් නෙමෙයි. සජිත් කියන්නේ මැටි ගොඩක්,

කල්පනාකරලා බලන්න මේ ජනාධිපතිවරණයේදී ඡන්ද ව්‍යාපාරයෙදී මේ වෙන කොට කට වැරදිලා දෙපාරක් සමාව අරන් තියෙනවා. “ශ්‍රී  මුඛය“ වැරදිලා දෙපාර්ක් සමාව අරන් තියෙනවා. කට දෙපාරක් වැරදුනානම් මාස එකහමාරක් යනකොට ජනාධිපති වුණොත් වැඩ කරනකොට කීපාරක් වරදීද?

ඒ වැරදිවලට සමාව අරන් වැඩක් නෑ. ඒවා ජීවිතවලින් වන්දි ගෙවන වැරදි වෙන්න පුළුවන්. රට වැනසෙන වැරදිවෙන් පුළුවන්, එතෙන්ඩ වරද්ද ගන්න එපා.

සජිත් දෙනවා කියන ඒවා ජනාධපති වුණාම දෙන්නේ මොකද? එයාලගේ ආණ්ඩුවක්නේ තියෙන්නේ දැන් දෙන්න පුළුවන්නේ. කැබිනට් තීන්දුවක් අරන් වත්තේ කම්කරුවගේ වැටයුප් වැඩිකරන්න පුළුවන්නේ, බදු අඩුකරන්න පුළුන්නේ, බඩු මිල අඩුකරන්න පුළුවන්නෙ,“

Read more

Local News