වැලිකඩ රැඳවියන්ගේ උපවාසය ගැන ජනපති ලේකම්ට දැනුවත් කරයි

Share

මරණ දඬුවම නියම වී සිටින සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී ආරම්භ කර ඇති උපවාසය සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා දැනුවත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ උපවාසයට හේතු වී ඇති කරුණු කාරණා සම්බන්ධයෙන් එහිදී ජනාධිපති ලේකම්වරයාව දැනුවත් කිරීමට පියවර ගත් බවයි.

රෝයල් පාක් ඝාතන සිද්ධියේ වැරදිකරුට ජනාධිපති සමාව ලබා දීමට විරෝධය පල කරමින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සිව් දෙනෙකු එහි වහලය මත නැගී උපවාසයක් ආරම්භ කළ අතර මේ වන විට ඊට තවත් රැඳවියන් දෙදෙනෙකු එක් වී ඇත.

ඒ අනුව මේ වන විට රැදවියන් 6 දෙනෙකු උපවාසයේ නිරතව සිටින බවයි වාර්තා වන්නේ.

මෙම උපවාසයට සහය පල කරමින් බූස්ස සහ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරවල රැදවියන් පිරිසක් ද ආහාර වර්ජනය කරමින් උපවාසයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Read more

Local News