දරුවන් වෙනුවෙන් කළ යුතු දේ මෙන්න

Share

ජාතීන් අතර අසමගිය වර්ධනය කිරීමෙන් රට ඉදිරියට ගෙන යා නොහැකි බව ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

කිලිනොච්චියේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජනහමුවක් ඊයේ පස්වරුවේ කිලිනොච්චිය නගරයේදී පැවැත්වුණි.

යුද්ධය පවතින ලොව කිසිඳු රටක් ඉදිරියට ගොස් නැති බවත් සියලු ජාතීන් අතර සමඟිය නිර්මාණය කිරීමෙන් පමණක් රට ඉදිරියට ගමන් කරවිය හැකි බවත් අනුර කුමාර මහතා එහිදී කියා සිටියේය.

රට තුළ ජාතීන් අතර ගැටුම් ඇතිවු කිසිදු අවස්ථාවක දී සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිබඳව කතා නොකළ බවත් ඡන්ද අහිමි වේ යැයි බියෙන් සිදු කරන දේශපාලනයක් ඔහුට ඇති බවත් අනුර කුමාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

රටේ දරුවන්ට යුද්ධ හා ගැටුම්වලින් තොර සහෝදරත්වයෙන් ජීවත් විය හැකි රටක් ගොඩනගා දිය යුතු බවත් ඒ සඳහා නොවැම්බර් 16 වනදාට මාලිමාව ඉදිරියේ කතිරය ගසා ජයග්‍රාහී තීන්දුවක් ලබා දෙන ලෙසත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Read more

Local News