කෝටි 2ක රන් බිස්කට් සමඟ විදේශීය තකත් අත්අඩංගුවට

Share

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් විස්සක් සමඟ යුක්‍රේන ජාතික කාන්තාවක් අද (13) අලුයම කටුනායක ගුවන්තොටුපල පිටත පැමිණීමේ පර්යන්තය දී ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය අද දින අලුයම 4.30 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්-174 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ගුවන්තොටුපල සියලු පරීක්ෂණ නිමාවට පත් කර, ගුවන් තොටුපළෙන් පිටතට යමින් සිටියදීය ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ඇය පැළඳ සිටි පාවහන් දෙක තුළ කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 320 ක් බර, ග්‍රෑම් 116 ක් බැගින් බරකින් යුතු වූ රන් බිස්කට් 10 බැගින්, රන් බිස්කට් 20 ක් සඟවා ගෙන තිබුණි.

Read more

Local News