නීතියේ ආධිපත්‍ය සුරැකීමට සැමවිටම කැපවන බව ගෝඨාභය කියයි

Share

නීතියේ ආධිපත්‍ය සුරැකීමට සැමවිටම කැපවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

වීරවිල ප්‍රදේශයේ අද (13) පෙරවරුවේ පැවැති ජනරැලියකට එක්වෙමින් ඒ මහතා මේබව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වු ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ, තම රජයක් තුළ පළමු කාර්යභාරය වන්නේ රට තුළ පූර්ණ ආරක්ෂාව තහවුරු කිරිම බවයි.

රට තුළ ස්ථාපිත කර තිබු වැඩපිළිවෙල නැවත වතාවක් ඇති කරන බවත්, කිසිදු ත්‍රස්තවාදයකට ඉඩ නොතබන බවත් ඒ මහතා පැවසීය.

ජනතාවගේ මෙන්ම ඔවුන්ගේ දූ දරුවන්ගේ ආරක්ෂාවේ වගකීම තමා බාර ගන්නා බවත් පැවසු ගෝඨාභය මහතා, නීතියේ ආධිපත්‍ය සුරකීමට සෑම විටම කැපවෙන බවත් කියා සිටියේය.

Read more

Local News