ජනපතිවරණය ගැන විදේශීය නිරීක්ෂණ වාර්තාව 20ට පෙර

Share

ජනපතිවරණය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තම වාර්තාව එළැඹෙන 20දාට ප්‍රථමව මැතිවරණ කොමිෂමට භාරදීමට කටයුුතු කරන බව ජනපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි විදේශීය නිරික්ෂකයෝ පවසති.

අද (13) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මැතිවරණය නිරීක්ෂණයට පැමිණි නියෝජිතයන් පැවැත්වූ මාධ්‍ය හමුවකදී දකුණු අප්‍රිකාවේ මානව හිමිකම් පදනමේ විධායක අධ්‍යක්ෂ හනීෆ් මොහොමඩ් මහතා මේ බව සඳහන් කළේය.

එසේම තම සාමජිකයන් රට පුරාම මැතිවරණය නිරීක්ෂණය කරන බවත් වර්තමානය වන විට සමාජ මාධ්‍ය මැතිවරණවලට සෘණාත්මක බලපෑමක් ඇතිකරන බවත් ඔහු සඳහන් කළේය.

“මැතිවරණ නිරීක්ෂකයන් ලෙස අපි බලන්නේ මැතිවරණ නීතිය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙනවද කියලයි. අපි ක්ෂේත්‍රයට ගිහින් ලංකාව පුරාම මැතිවරණය නිරීක්ෂණය කරනවා. කොළඹ සිට යාපනය දක්වා අපි ගමන් කරනවා. ඒ වගේම හම්බන්තොට, වව්නියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, මොණරාගල, කුරුණැගල, පුත්තලම යන ප්‍ර දේශවලට අපි ගමන් කරනවා.

මැතිවරණ කොමිෂමේ සහාය අනුව අපි ස්වාධීනව කටයුතු කරනවා. ඉන් අනතුරුව අපි අපගේ වාර්තාව ඉදිරිපත් කරනවා. අපි මේ වන විට මාධ්‍ය වාර්තා පිළිබඳව අවධානය යොමුකරමින් ඉන්නේ.

සමාජ මාධ්‍ය මේ වන විට මැතිවරණවලදී ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. අපගේ රටවල්වල මේ පිළිබඳව අත්දැකීම් තිබෙනවා. සමාජ මාධ්‍යවල යන දේ පිළිබඳව ජනතාව බොහෝ සංවේදීයි.

සමාජ මාධ්‍ය සාධාරණ හා නිදහස් විය යුතුයි. සමාජ මාධ්‍ය මැතිවරණවලදී සෘණාත්මක බලපෑමක් ඇති කරනවා.

අපි මාර්ග ගණනාවකින් තොරතුරු ගන්නනවා. අපි දේශීය මැතිවරණ නිරීක්ෂකයින් හමුවෙනවා. අපි විපක්ෂයේ පක්ෂ වගේම අපේක්ෂකයන් හමුවෙනවා. ඒ වගේම අපේ නිරීක්ෂකයන් රට වටෙන්ම දෙන තොරතුරු ගන්නවා. ඒවා පදනම් කරගෙන අපේ වාර්තාව සකස් කරනවා.

අපි අපගේ වාර්තාව මැතිවරණ කොමිෂමට එළැඹෙන 20දාට පෙර භාර දෙනවා. ඒක ඔවුන් ප්‍රසිද්ධ කරයිද දන්නේ නෑ. අපි දෙන්නේ රහස්‍ය වාර්තාවක්. නමුත් අපි හිතනවා එය මාධ්‍යත් එක්ක ඔවුන් බෙදා ගනීවි කියලා.”

Read more

Local News