ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 3729 ක් ලැබී ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ, පසුගිය ඔක්තෝබර් මස 08 වැනි දා සිට මේ දක්වා කාලය තුළයි.
ඒ අතරින් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙනි.
එම සංඛ්‍යාව 3596 කි.
මේ අතර පැෆරල් සංවිධානයට ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි 648 ක් ලැබී තිබේ.
කැෆේ සංවිධානයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 735 කි.