ඩෙංගු මදුරු ඝණත්වය ඉහළ යයි

Share

‍දිවයිනේ ප්‍රදේශ කිහිපයක ඩෙංගු මදුරු ඝණත්වය ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි සභාපති නජිත් සුමනසේන මහතා සඳහන් කළේ කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර සහ කුරුණැගල යන දිස්ත්‍රික්කවල මෙලෙස මදුරු ඝණත්වය ඉහල ගොස් ඇති බවයි.

නොවැම්බර් මාසයේ ගෙවී ගිය කාලසීමාව තුළ පමණක් ඩෙංගු රෝගීන් 2655ක් වාර්තා වී ඇති බව නජිත් සුමනසේන මහතා සඳහන් කළේය.

Read more

Local News