වැල්ලවායේ දී වාහන තුනක් එකිනෙක ගැටී 2ක් රෝහලට

Share

වැල්ලවාය, තණමල්විල ප්‍රධාන මාර්ගයේ වෙහෙරයාය ප්‍රදේශයේ දී අද (14) උදෑසන සිදු වූ අනතුරකින් දෙදෙනකු තුවාල ලබා තිබේ.

යතුරු පැදි දෙකක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

අනතුරින් තුවාල ලබා ඇත්තේ යතුරු පැදි දෙකෙහි ගමන් ගත් තරුණයන් දෙදෙනකු බව වැල්ලවාය පොලීසිය පවසයි.

තුවාල ලැබූවන් වයස අවුරුදු 22 සහ 27 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කිරීමෙන් අනතුරුව එක් අයෙක් මොණරාගල දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු වැල්ලවාය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉදිරි විමර්ශන වැල්ලවාය පොලිසිය විසින් සිදු කරයි.

Read more

Local News