ආරක්ෂක අමාත්‍යංශයෙන් කෙටි පණිවිඩ සේවාවක් අරඹයි

Share

ආරක්ෂක අමාත්‍යංශය විසින් කෙටි පණිවිඩ සේවාවක් ආරම්භ කර තිබේ.

මෙම කෙටි පණිවිඩ සේවාව ආරම්භ කිරීම සඳහා වූ උත්සවය ඊයේ(13) ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත් විය.

මෙම කෙටි පණිවිඩ සේවාව මඟින් ආරක්ෂාව සම්බන්ධව නිවැරදි තොරතුරු නියමිත වේලාවට මහජනතාව වෙත ලබාදිය හැකිය.

සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ආරක්ෂාව පිළිබඳ ව්‍යාජ තොරතුරුවල නිර්වද්‍යතාවය තහවුරු කිරීම මෙම කෙටි පණිවිඩ සේවාවේ මූලික අරමුණ වෙයි.

Read more

Local News