පෞද්ගලික බස් ධාවනය හෙට සිට සීමා වෙයි

Share

හෙට (15) දිනයේ සිට පෞද්ගලික බස් රථ ධාවනය සීමා වනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ ඡන්දය භාවිත කිරිම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ලංකාගමනා ගමන මණ්ඩලය පවසයි.

එහි නියෝජ්‍ය ගමනාගමන අධිකාරි පි.එච්.ආර්.ජේ චන්ද්‍රසිරි මහතා පැවසුවේ අද සිට මෙම විශේෂ බස් රථ සේවය ක්‍රියාත්මක වන බවයි.

Read more

Local News