පොලිස් නිෂ්කාශන අයදුම්පත් භාර ගැනීමේ අංශය තාවකාලිකව වසයි

Share

කොළඹ 01, ඕල්කට් මාවතේ පිහිටි පොලිස් නිෂ්කාශන අයදුම්පත් භාර ගැනීමේ අංශය අද (14) දින සිට තාවකාලිකව වසා දමා ඇත.

එම අංශය අද සිට ලබන 18 වනදා දක්වා තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

නිශ්කාෂණ අංශයේ නිලධාරින් ජනාධිපතිවරණ රාජකාරි කටයුතු සඳහා යොදවා ඇති බැවින් එම අංශය මෙලෙස වසා දැමීමට තීරණය කර ඇති බව සඳහන්.

නමුත් නිශ්කාෂණ වාර්තා සැකසීම සහ එම අයදුම්පත් භාර ගැනිම අඛණ්ඩව සිදු කෙරෙන අතර එම කටයුතු පොලිස් මූලස්ථානයේ පිහිටි ප්‍රධාන නිෂ්කාශන අංශය මඟින් සිදු කෙරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම www.police.lk වෙබ් අඩවියට පිවිස මාර්ගස්ථ ක්‍රමය යටතේ ද අයදුම් කිරීමේ හැකියාව පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News