කාබුල් නුවර බෝම්බ පිපිරීමක් – 12ක් මරුට

Share

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් දොළොස් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.

කාබුල්හි නගර මධ්‍යයේ රජයේ හා වෙනත් කාර්යාල රැසක් පිහිටි ප්‍රදේශයකට මෝටර් රථ බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ප්‍රහාරය සිදුවූ ස්ථානයේ සිට මීටර් සියයක් පමණ දුරින් පිහිටි ගොඩනැගිලි වලට පවා එහි ප්‍රබලත්වය දැනී තිබු බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සිදුවීමෙන් තුවාල ලැබූ පිරිස අතර සිය සේවකයන් සිව්දෙනෙකුද සිටින බව ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

ප්‍රහාරයෙන් දේපළ රැසකටත් හානි සිදුවී තිබෙන අතර ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු පාර්ශවයක් භාරගෙන නොමැත.

Read more

Local News