හැටන්-බගවන්තලාව මාර්ගයට පස් කන්දක් කඩා වැටිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා

Share

හැටන්-බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් දික්ඔය වත්ත ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වි ඇති බව හැටන් පොලිසිය පවසයි.

අද (14) පස්වරු 4.00 ට පමණ ප්‍රධාන මාර්ගයට ඉහළින් වු තේ වත්ත ප්‍රදේශයෙන් පස් කන්දක කොටසක් ප්‍රධාන මාර්ගයට කඩා වැටීම නිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු එක් මංතිරුවකට පමණක් සිමා කර ඇත.

ප්‍රධාන මාර්ගයට ඉහළින් වතු කම්කරුවන්ට පානීය ජලය ලබා දෙමින් තිබු ජල නලයක් කාන්දු වීම නිසා පස් කන්ද කඩා වැටි ඇති බවට පොලීසිය සැක කරයි.

ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කන්ද ඉවත් කිරීමට නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියට දැනුම් දුන් බව හැටන් පොලීසිය පැවසීය.

 

Read more

Local News