නුවරඑළියේ ඡන්ද සූදානම

Share

2019 ජනාධිපතිවරණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 488 සඳහා ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අද(15) උදෑසන ආරම්භ කළ බව නුවරඑළිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි රෝහණ පුෂ්පකුමාර මහතා පැවසීය.

හෙට(16) පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා මැතිවරණ නිලධාරින් නුවරඑළිය නගර සභා ශාලාවේ ලියාපදිංචි විමෙන් අනතුරුව නුවරඑලිය ගාමිණි ජාතික පාසලේදි ඡන්ද මධ්‍යයස්ථාන 39 සඳහා ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීමට කටයුතුකර ඇති බවයි නුවරඑළිය දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරිවරයා කියා සිටියේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාව පන්ලක්ෂ හැට නවදහස් විසි අටක් වේ.

ජනාධිපතිවරණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි සඳහා නිලධාරින් හත්දහස් අටසියක් යොදවා ඇති අතර, ඒ සඳහා පොලිස් නිලධාරින් එක්දහස් පන්සිය අනුවක පමණ පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා ඇති බව තේරිම් භාර නිලධාරිවරයා කියා සිටියේය.

ජනාධිපතිවරණය සඳහා රාජ්‍යය සහ පෞද්ගලික අංශයේ වාහන පන්සිය විසි දෙකක් ප්‍රවාහන කටයුතු සඳහා යොදාගෙන ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය වශයෙන් නුවරඑළිය ගාමිණි ජාතික පාසල යොදාගෙන ඇති බවත් එම විද්‍යාලය තුල ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 39 යොදාගෙන ඇති බව තේරිම්භාර නිලධාරිවරයා කියා සිටියේය.

තැපැල් ජන්දය ගණන් කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යයාලයේ ඡන්ද මධ්‍යස්ථාන 9 ක්ද වෙන් කර ඇත.

Read more

Local News