ෂු කේ ෂෙන් කොළඹට එයි

Share

චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව නිල සංචාරයක් සඳහා ඊයේ (14) කොළඹ වරායට ‍සේන්දු විය.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

දිගින් මීටර් 129 ක් වන ‘ෂු කේ ෂෙන්’ නෞකාව ටොන් 4900 ක ධාරිතාවයකින් යුක්ත වේ.

තවද, එය නිලධාරීන් සහ නාවිකයන් 150 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය.

දින 06 ක නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතය.

ඒ අනුව සංචාරය නිමා කිරීමෙන් අනතුරුව මේ මස 19 වන දින ‘ෂු කේ ෂෙන්’ නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

Read more

Local News