හම්බන්තොට ඡන්ද මධ්‍යස්ථාන 413කට ඡන්ද පෙට්ටි නිකුත් කෙරේ

Share

2019 ජනාධිපතිවරණය සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 413ක් සඳහා ඡන්ද පෙට්ටි සහ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අද(15) උදෑසන ආරම්භ කළ බව හම්බන්තොට දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි බන්දුල හරිස්චන්ද්‍ර මහතා පැවසීය.

ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්ද විමසීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසන හතරකට අයත් ඡන්ද මධ්‍යස්ථාන 413ක් සදහා ඡන්ද පෙට්ටි නිකුත්කිරීම අද 15 දින සිදුකරන බව අප වාර්තාකරු පවසයි.

හම්බන්තොට ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානය වශයෙන්ද පවත්වනු ලබන හම්බන්තොට සුචි ජාතික පාසල තුල සිට ඡන්ද පෙට්ටි නිකුත් කිරීම සිදු කෙරිණි.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රිකයේ ඡන්ද කටයුතු වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1500කට අධික ප්‍රමාණයක් හා රාජ්‍ය නිලධාරීන් 4500 ක් යොදවා ඇති බවද හම්බන්තොට තේරීම් බාර නිලධාරී බන්දුල හරිස්චන්ද්‍ර මහතා කියා සිටියේය.

Read more

Local News