තිරිගු පිටි මිල ඉහළ දාලා නෑ

Share

ප්‍රිමා තිරිගු පිටි මිල ඉහළ නොදමන බව ප්‍රිමා සමාගම විසින් මේ මොහොත් පැවසූ බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

කෙසේවෙතත්  ප්‍රිමා තිරිඟු පිටි මිල අද මධ්‍යම රාත්‍රී සිට ඉහළ දැමීමට ප්‍රීමා සමාගම තීරණය කර ඇති බව තිරිඟු පිටි අලෙවි නියෝජිතයින් පවසයි.

ඒ අනුව තිරිගු පිටි කිලෝග්‍රෑමයක් රුපියල් 8 යි ශත 50 කින් ඉහල දැමීමට ප්‍රීමා සමාගම තීරණය කර ඇති බව ඔවුන් සඳහන් කළේය.

මෙම මිල ඉහළ සංශෝධනයත් සමඟ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 104 යි ශත 50 ක් දක්වා ඉහල යනු ඇත.

 

Read more

Local News