කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා වෙයි

Share

අඹතලේ සිට මාලිකාන්ද දක්වා ජලය රැගෙන යන ප්‍රධාන නළ මාර්ගයක අලුත්වැඩියාවක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක ජල සැපයුමට බාධා මතුවී ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, ඒ අනුව කොටුව, පිටකොටුව, චිත්තම්පලම් ඒ. ගාඩිනර් මාවත සහ ඩී. ආර්. විජේවර්ධන මාවත ආශ්‍රිත ප්‍රදේශවලට ජල සැපයුම සම්පූර්ණයෙන්ම අඩාලවී ඇති බවයි.

එසේම කොළඹ 12 හා කොළඹ 13 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.

එම මණ්ඩලය පැවසුවේ, අද රාත්‍රීයට පෙර ජල සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බවයි.

Read more

Local News