රන් පාදම සහිත චූඩාමාණික්‍යය අද සිට ප්‍රදර්ශනයට

Share

අනුරාධපුර රුවන්වැලි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේට පැළඳවීමට නියමිත රන් පාදම සහිත චූඩාමාණික්‍යය මහජන ගෞරවය සඳහා ප්‍රදර්ශනය කිරීම අද (18) ආරම්භ වෙයි.

ඒ කොළඹ, බණ්ඩාරණායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදීයි.

ඒ අනුව අද සිට ලබන 20 වැනිදා දක්වා දින 03 ක් බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී රන් පාදම සහිත නව චූඩාමාණික්‍යය දැක බලා ගැනීමට මහජනයාට අවස්ථාව සලසා දී තිබේ.

මේ මස 21 වැනිදා රන් පාදම සහිත චූඩාමාණික්‍යය කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ සිට අනුරාධපුරය දක්වා වැඩම කරවීමට නියමිතයි.

ඉන් අනතුරුව මෙම මස 22 වැනිදා සිට 24 වැනිදා දක්වා දින 3 ක් අනුරාධපුර රුවන්වැලි සෑ පූජා භූමියේ විශේෂ කුටියක නව රන් පාදම සහිත නව චූඩාමාණික්‍ය මහජන වන්දනාව සදහා ප්‍රදර්ශනය කෙරේ.

චූඩාමාණික්‍යය සහිත රන් පාදම මහා සෑ රදුන් මත පැළදවීම සිදු කෙරෙන්නේ මේ මස 25 වැනිදායි.

Read more

Local News