අමෙරිකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

Share

ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපතිවරණය පිළිබඳව එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ජනතාවට සුබ පතන අතර ජනාධිපති ගෝඨාභ රාජපක්ෂ මහතා සමඟ වැඩ කිරීමට බලාපොරොත්තතු වන බව දන්වා අමෙරිකා එක්සත් ජනපද තානාපතා කාර්යාලය අද (18) නිවේදනයක් නිකුත් කර ඇත.

ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදයට ගැළ‍පෙන නිදහස්, සාධාරණ හො විනිවිද පෙනෙන ජනාධිපතිවරණයක් සමඟ ශ්‍රී ලංකාව සිය ජනරජයේ ශක්තිය හා නැගී සිටීමට ඇති හැකියාව අඛණ්ඩව පෙන්නුම් කර ඇති බවද එහි සඳහන් වේ.

සාමකාමී මැතිවරණයක් ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමට, ශ්‍රී ලංකා සිවිල් සමාජයට සහ රාජ්‍ය නිලධාරීන්ට ඔවුන්ගේ ගෞරවය හිමි වන බවද එම නිවේදනයේ සඳහන්.

සියලු රටවලට සමෘද්ධිමත් විය හැකි ඉන්දු-පැසිෆික්ස කලාපයක් පෝෂණය කිරීම, යහ පාලනය පුළුල් කිරීම, පුළුල් ආර්ථික වර්ධනය, මානව හිමිකම් හො ප්‍රතිසන්ධානය ප්‍රවර්ධනය හරහා රටේ ස්වෛරීභාවයට සහයෝගය දැක්වීමට නව ජනාධිපතිවරයා හා ශ්‍රී ලංකාවේ සියලු ජනතාව සමඟ සිය වැඩ කටයුතු කරගෙන යාමට සිය පාර්ශවය සුදානම්ව සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.

Read more

Local News