මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

අද (19) දිනයේ සබරගමුව, බස්නාහිර හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කා‍ලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු ප්‍රදේශවල තැනින් තැන සවස 2.00 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙයි.

සබරගමුව, බස්නාහිර හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 පමණ තරමක තද වැසි ඇති වෙයි.

බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වල උදෑසන කාලයේ දී ඇතැම් ස්ථානවල මීඳුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News