පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන සිරිකොතට කියන්න

Share

පශ්චාත් මැතිවරණ සමයේදී සිදුවන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පීඩාවට පත්වන ජනතාවට සිරිකොත පක්ෂ මූලස්ථානය අමතන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ජනාධිපතිවරණයේදී හංසයා ලකුණ වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කල එක්සත් ජාතික පාක්ෂිකයන්ට  කිසියම් හෝ අපහසුතාවකට, පීඩාවකට හෝ ප්‍රචණ්ඩකාරී බලපෑමකට ලක්වීමට ඉඩ නොදීමට  වගකිව යුතු පක්ෂයක් වශයෙන් බැඳී සිටින බවත් මහලේකම්වරයා නිවේදනය කරයි.

එැවැනි ගැටලු පිළිබඳව සිරිකොත පක්ෂ මූලස්ථානයේ 011- 2889378 සහ 077- 9215299  යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසද ඔහු දන්වා සිටියි.

Read more

Local News