ප්‍රංශයේ පාලමක් කඩා වැටෙයි – 2ක් මරුට

Share

ප්‍රංශයේ දකුණුදිග ප්‍රදේශයේදී පාලමක් කඩාවැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුට තුවාල සිදුව ඇති බව සඳහන්.

දකුණුදිග ප්‍රංශයේ ටුලූස් නගරයේ ගංගාවකට ඉහළින් ඉදිකර තිබූ එල්ලෙන පාලමක් මෙලෙස කඩාවැටී ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

එම අවස්ථාවේ පාලම මතින් වාහන කිහිපයක් ධාවනය වෙමින් තිබී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මීටර් 155ක් දිගැති හා මීටර් 7ක් පළල මෙම පාලම 2003 වර්ෂයේදී ප්‍රතිසංස්කරණය කර තිබේ.

Read more

Local News