නීති විරෝධී මත්පැන් බෝතල් 90ක් තිදෙනෙක් අල්ලයි

Share

නීති විරෝධි ආකාරයෙන් මත් පැන් අලෙවි කළ පුද්ගලයින් තිදෙනෙකු සමඟ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ මත් පැන් බෝතල් අනූවක් වැලිමඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වැලිමඩ පොලිසියේ බුද්ධි අංශයට ලද තොරතුරක් මත කැප්පෙටිපොල අත්කම් නිවාස ප්‍රදේශයේ සිදුකළ නිවෙස් පරික්ෂාවකදී ඉතා සූක්ෂම ලෙස නිවෙස් දෙකක සගවා තිබීයදී මෙම මත් පැන් බෝතල් 90 සොයා ගෙන තිබේ.

මැතිවරණය පැවති කාලයේ අලෙවි කිරීම සඳහා මෙලෙස මත්පැන් බෝතල් රැගෙනවිත් ගබඩා කර තබන්නට ඇති බව පොලීසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන වැලිමඩ පොලීසය විසින් සිදු කරයි.

Read more

Local News