මනම්පිටිය වැලි සමාගමට අයත් කාර්යාලයක ගින්නක්

Share

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයට අයත් පුද්ගලික සමාගමක මනම්පිටියේ පිහිටි වැලි සමාගමේ කාර්යාලය අද (19) අළුයම ගිනිගෙන විනාශ වී ඇති බව පොළොන්නරුව පොලීසිය පවසයි.

මෙම ගින්නෙන් වැලි සමාගමේ කාර්යාලයේ තිබු ලියකියවිලි ලිපි ද්‍රව්‍ය මෙන්ම පරිගණක යන්ත්‍ර ඇතුළු බඩු භාණ්ඩ රැසක් විනාශ වි ඇති බව පොලීසිය සඳහන් කළේය.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මෙය කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් විසින් ගිනි තැබුවේද නැත්නම් විදුලි කාන්දුවකින් සිදු වු ගිනි ගැනීමක්ද යන්න පරික්ෂණ කටයුතු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ආරම්භ කර තිබේ.

Read more

Local News