එජාප නායකත්වයේ වෙනසක් විය යුතුයි – නලීන්

Share

එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසයි.

අද(19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

නලීන් බණ්ඩාර මහතා මෙහිදී කියා සිටියේ තමා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ පවතින නායකත්වයේ සහ නිලධාරී මණ්ඩලය යටතේ දේශපාලනය කිරීමට සූදානම් නොමැති බවයි.

මේ හේතුවන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඇතුළු සියලුම නිලධාරී මණ්ඩලය වහාම ඉවත් විය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News