ඩෙංගු වැළදීමෙන් 90ක් මරුට

Share

වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු වැළදීමෙන් පුද්ගලයින් 90 දෙනෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.

පසුගිය වසරේ ඩෙංගු වැළදීමෙන් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 58 කි.

ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්ක කිහිපයක් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව විශේෂ්‍ය වෛද්‍ය අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය.

වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,901 කි.

මේ මාසය තුළ පමණක් ඩෙංගු වැළදුණු පුද්ගලයින් 7736 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය ප්‍රකාශ කළේ ය.

Read more

Local News