පාකිස්ථාන හිටපු අගමැති නවාස් ශරීෆ් ප්‍රතිකාර සඳහා ලන්ඩන් නුවරට

Share

බන්ධනාගාරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ශරීෆ් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් තිබේ.

දූෂණ අක්‍රමිකතා චෝදනා මත බන්ධනාගාර ගතව සිටින 69 හැවිරිදි  නවාස් ශරීෆ් රෝගී තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අවසර ඉල්ලා තිබුණි.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍යවරයාට පනවා තිබු විදෙස් තහනම සති 4ක කාලයක් සඳහා අත්හිටුවීමට ලාහෝර් මහාධිකරණය පසුගිය සෙනසුරාදා තිරණය කළ අතර එය අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජය විසින් ද අනුමත කර ඇති බව සදහන්.

Read more

Local News