රාජකීය යුවළට සාම්ප්‍රදායික මෞරි පිළිගැනීමක්

Share

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරු හා කෝන්වෝල්හි කැමිලා ආදිපාදවරිය මේ දිනවල නවසීලන්තයේ සංචාරයක නිරතවෙමින් සිටියි.

ඔවුන්ට එහිදී ස්වදේශීය චාරිත්‍රානුකූලව විශේෂ පිළිගැනීමක් හිමිවූ ආකාරය විදෙස් පුවත් වාර්තා කර තිබුණි.

නවසීලන්තයේ සංචාරයක නිරත බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු හා කැමිලා ආදිපාදවරිය වෙත ඕක්ලන්ඩ් නගරයේදී සාම්ප්‍රදායික මෞරි පිළිගැනීමක් හිමිවිය.

අගමැතිනී ජසින්ඩා ආර්ඩේන්ද එක්වූ මෙම අවස්ථාවේදී ඕක්ලන්ඩ් ප්‍රාන්ත ආණ්ඩුකාර ජෙනරාල් පැට්සි රෙඩී, චාල්ස් කුමරු පිලිගැණුනේය.

පිළිගැනීමේ උත්සවයේදී පැවැති සාම්ප්‍රදායික මෞරි නර්තනය කාගේත් වැඩි ආකර්ෂණයකට ලක්විය.

අනතුරුව නවසීලන්ත රජයේ නිවෙසේදී හමුදා ප්‍රධානීන්ගේ ආචාර පෙළපාලියකට එක්වූ චාල්ස් කුමරු මවුරි නායකවරුන් ද හමුවීමට කටයුතු කළේය.

උත්සව අවස්ථාවෙන් අනතුරුව ඕක්ලන්ඩ් නගරවැසියන් බැහැදැකීමටත් රාජකීයයන් අමතක කළේ නැහැ.

එහිදී චාල්ස් හා කැමිලා යුවළ ලෝප්‍රකට නවසීලන්ත ඔරු පැදීමේ කණ්ඩායම හමුවීමටත් කටයුතු කළේය.

වසර හතරකින් අනතුරුව කිරුළ හිමි චාල්ස් කුමරු හා කැමිලා ආදිපාදවරිය නවසීලන්තයේ නිරත පළමු නිල සංචාරය මෙයයි.

එම සංචාරය අතරතුර යුවළ ඕක්ලන්ඩ්, වයිටැන්ගි, ක්‍රියිස්ට්චර්ච් හා කයිකොවුරා නගරවල ඉසව් සදහා එක්වීමට නියමිතයි.

Read more

Local News