හැටන් නගරයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වෙයි

Share

හැටන් නගරයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බවට පෞද්ගලික බැංකු කිහිපයක් විසින් ගණුදෙනුකරුවන්ව දැනුවත් කර ඇත.

පසුගිය දින කිහිපය තුල හැටන් නගරයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් පෞද්ගලික බැංකු කිහිපයක් වෙත මුදල් තැන්පත් කිරිමේදී එම මුදල් තුල රුපියල් දහසේ සහ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තිබි හමු වී ඇති බව එම බැංකු කලමණාකාරිත්වය විසින් සිය ගණුදෙනුකරුවන්ව දැනුවත් කර ඇත.

හැටන් නගරයේ ව්‍යාපාරිකයන් විසින් තම පෞද්ගලික බැංකු වෙත මුදල් තැන්පත් කිරීමට යාමේදී බැංකුවේ අයකැමි විසින් එම මුදල් යන්ත්‍රානුසාරයෙන් ගණනය කිරිමේදී ව්‍යාජ මුදල් නොට්ටු එම යන්ත්‍රයෙන් ඉවත් වි ඇත.

පසුව එම ව්‍යාජ මුදල් නෝට්ටු බැංකුව විසින් අවලංගු කර ව්‍යාජ මුදල් නෝට්ටුවේ ඡායාස්ථික පිටපතක් (ෆොටො කොපි) මඟින් තම ගණුදෙනුකරුවන්ට බැංකු කලමණාකාරිත්වය මගින් දැනුම් දී ඇත.

හැටන් ප්‍රදේශයේ පෞද්ගලික බැංකු ගණනාවකටම මෙවැනි ව්‍යාජ මුදල් නෝට්ටු  ලැබීම නිසා එම බැංකු කලමණාකාරිත්වය විසින් සියළුම ව්‍යපාරික ගණුදෙනු කරුවන් වෙත දැනුම් දි ඇත්තේ පාරිභෝගිකයන්ගෙන් මුදල් ලබා ගැනිමේදි සැලකිලිමත් වෙන ලෙසයි.

පසුගිය දින කිහිපය තුල හැටන් නගරයට විශාල පාරිභෝගිකයන් පිරිසක් පැමිණි අතර එම පාරිභෝගිකයන් අතරින් මෙම මුදල් සංසරණය වෙන්නට ඇති බවයි හැටන් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව සැක කරන්නේ.

Read more

Local News