බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි නඩුවේ තීන්දුව අද ?

Share

ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී 2018 වසරේ පෙබරවාරි 04 වැනිදා පැවැති 70 වැනි නිදහස් සමරු උළෙලට විරෝධය පෑ උද්ඝෝෂණකරුවන්ට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එවකට එම මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුවේ අවසන් සැසිවාරය ඊයේ (19) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීම ආරම්භ විය.

මීට පෙර අවස්ථාවක බ්‍රිගේඩියර්වරයාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කෙරුණද, බ්‍රිතාන්‍යයේ විදේශ අමාත්‍යාංශය සහ මහේස්ත්‍රාත් අධිකරණ කාර්යමණ්ඩලය අතර ඇති වූ ප්‍රමාද දෝෂයක් හේතුවෙන් එම අධිකරණ වරෙන්තුව අවලංගු කෙරිණි.

පසුව මෙම නඩුව තම භාරය යටතට ගත් මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් එමා අර්බත්නෝට් මහත්මිය නඩුව නැවත මුල සිට කැඳවීමට තීරණය කළාය.

අවස්ථා කිහිපයකදීම නඩුව කල් දැමුණද ඊයේ (19) අවසන් සාක්ෂි විමසීමේ දිනය ලෙස තීරණය කෙරුණි.

එමෙන්ම එම සාක්ෂි විභාගය පැවැත්වෙන අතරතුර අධිකරණයෙන් පිටත ඊළාම් හිතවාදීන් සහ කොටි හිතවාදීන් පිරිසක් විසින් විරෝධතා ව්‍යාපාරයක්ද දියත් කර තිබිණි.

Read more

Local News