පාන් මිල වැඩි වෙයි

Share

අද (20) මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 5 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන මහතා පවසයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව පැවසීය.

තිරිඟු පිටි මිල ඉහළ ගොස් තිබීම හේතුවෙන් බේකරි හිමියන් දැඩි අසීරු තත්වයකට පත්ව ඇති බවත් එනිසා අකමැත්තෙන් වුවද මෙම තීරණය ගැනීමට සිදු වන බවයි ඒ මහතා කියා සිටින්නේ.

මෙම මිල වැඩි කිරීම සිදු වන්නේ පාන්වලට පමණක් බවත් අනෙකුත් තිරිඟු පිටි නිෂ්පාදන මිල ඉහළ නොයන බවත් එන් කේ ජයවර්ධන මහතා පවසයි.

Read more

Local News