ජනපති ප්‍රධානත්වයෙන් “පිබිදෙමු පොළොන්නරුව” ප්‍රගති සමාලෝචන රැස්වීම අද

Share

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රීක් සංවර්ධන වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීම අද (22) පෙරවරුවේ පොළොන්නරුව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
සංවර්ධනයේ පසුබෑමකට ලක්ව තිබූ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් සංවර්ධනයේ ප්‍රතිලාභ අත්කර දීමට ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන්, පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන 2015 වසරේදී ආරම්භ කෙරිණි.

Read more

Local News