පෙරේකොප් හම්බන්තොට වරායට

Share

රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන ‘පෙරේකොප්’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (19) හම්බන්තොට වරායට සේන්දු විය.

එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා ඇතුළු නියෝජිතයින් පිරිසක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරින් පිරිසක් ද සහභාගිවී සිටියහ.

තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ, සංස්කෘතික වැඩසටහන්, ශ්‍රී ලංකාවේ වැදගත් ස්ථානයන්හි සිදු කරනු ලබන සංචාරයන් ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.

නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් රෝමන් පැකොමෝව් කටයුතු කරන අතර, එය දිගින් මීටර් 138 ක් සහ පළලින් මීටර් 17 කින් යුක්තය.

තවද, ‘පෙරේකොප්’ නෞකාව ටොන් 6900 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 399 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය.

සංචාරය නිමා කිරීමෙන් අනතුරුව හෙට (21) දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතයි.

Read more

Local News