ජනතාව චන්ද්‍රිකාට ජනතාව පිළිතුරු දුන් බව දයාසිරි

Share

තමන්ට එරෙහිව විරෝධතා මතු වුවත් පක්ෂයේ මහලේකම් ලෙස පක්ෂය එකතුව ගත් තීරණ අනුව ඉදිරියේදිත් කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

අද (20) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය පල කරන පක්ෂවල නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්ෂයේ උපදේෂක තනතුරක් දරමින් සිටියදිත් පක්ෂයේ මතයට පිටුපාමින් ගොස් විරුද්ධවාදීන් සමඟ සිට කටයුතු කළ බවත් නමුත් ඇයට ජනතාව විසින් පිළිතුරු ලබා  දී ඇති බවත් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දුන්නේය.

එම නිසා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මිය තමන්ට කුමක් පවසා චෝදනා කළත් තමන් ඒ පිලිබඳව තැකීමක් නොකරණ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම ඇතැම් පුවත්පත් මාධ්‍ය විසින් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අසත්‍ය පුවත් උතුරේ දමිල ජනතාව අතරට ගෙන ගිය බවටද කරුණු දැක්වීය.

විරුද්ධ පාක්ෂිකයන් විසින් ඉතාම නින්දිත ලෙස මඩ ව්‍යාපාර සිදු කළ බවත් එය පිලිකුලෙන් හෙළා දක්න බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

වර්තමානයේ සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයකින් තොර වු පාලනයක් යටතට රට පත් වී ඇති බවත් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුගේ වගකීම් නිසි ආකාරව ඉටු කරන ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව එතුමා සමඟ එකතු වී අලුත් වඩපිලිවෙලක් හරහා රට ගොඩනගන්නට එකමුතු විය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News