පැවති රජයන් ඉතාම අප්‍රසන්නයි

Share

එක්සත් ජාතික පක්ෂය වහාම මහ මැතිවරණයකට ඉඩ දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඉඩ සළසා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.

අද පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

එසේම මෙවර ජනාධිපතිවරණයෙන් ජනතාව විසින් එක්සත් ජාතික පක්ෂය කොයිතරම් නම් ප්‍රතික්ෂේප කර තිබේද යන්න හොඳින් පෙන්වා දී ඇති බවත් ඒ මහතා කියා සිටියි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කියා සිටියේය.

“එජාප රජය මෙතෙක් පැවති රජයන්වලින් ඉතාම අප්‍රසන්න රජයක් බවට පත්වෙලා.

දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාව තෝරගන්න ජන වරමට ජනතාව ලෑස්ති වෙලා ඉන්නවා.

ඒ නිසා එක්සත් ජාතික පක්ෂය ඇඟේ එල්ලුණු කූඩැල්ලා වගේ තවත් එල්ලිලා ඉන්න හදනවා නම් ඒක රටට කරන ද්‍රෝහිකමක්.

එජාපයේ ඊළඟට පාර්ලිමේන්තු එන්න බැරි අය දැන් බය වෙලා කෑ ගහනවා.

ඇයි වැඩ කරලා තියෙනවා නම් බය?

ගමට යන්න පුළුවන්කමක් තියෙනවා නම් කරුණාකරලා පාර්ලිමේන්තුව විසුරුවන එකට අත උස්සලා කරුණාකරලා ජනතා මතයට යන්න.

ඉතාම සුභදායි වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයකට ගිහිල්ලා ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදාගෙන ඉන් අනතුරුව පළාත් සභා මැතිවරණයකට ගිහිල්ලා ස්ථාවර ආණ්ඩුවක් බිහි කිරීමයි.”

Read more

Local News