පෑලියගොඩ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 12ක් වතුර නෑ

Share

බියගම ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුමේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

මේ හේතුවෙන් අද (20) පෙරවරු 09.00 සිට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව පෑලියගොඩ, වත්තල – මාබෝල, ජා- ඇල සහ කටුනායක, සීදූව යන නගර සභා බල ප්‍රදේශ, කැළණිය, වත්තල, බියගම, මහර, දොම්පෙ, ජා- ඇල යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇත.

මීට අමතරව ගම්පහ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ගණේමුල්ල අවට, රතුපස්වල, ඉහල යාගොඩ, පහල යාගොඩ, ඇඹරළුව සහ වැලිවේරිය යන ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read more

Local News