තහනම් දැල් තොගයක් සොයා ගැනේ

Share

නාවික හමුදාව, ධීවර පරික්‍ෂක කාර්යාලය සහ පොලිසිය එක්ව ඊ‌යේ (20) දින යාපනය, මඩිත්තවේලි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී තහනම් දැල් තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

උතුරු නාවික විධානය, කයිට්ස් ධීවර පරික්‍ෂක කර්යාලය සහ ‍යාපනය, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව යාපනය, මඩිත්තවේලි ප්‍රදේශය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමක් අතරතුරදී නීති විරෝධි ලෙස මසුන් ඇල්ලීමට යොදා ගන්නා මෙම තහනම් ධීවර දැල් තොගය සොයා ගෙන ඇති අතර, ඒවා පසුව රැගෙන යාම අදහසින් අතහැර දමා ගොස් ඇති බවට සැක පල කෙරේ.

අදාල ධීවර දැල් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන ලදී

Read more

Local News