අභාවප්‍රාප්ත දිමූ ජයරත්න මහතාගේ දේහය හෙට පාර්ලිමේන්තුවට

Share

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත දි.මු ජයරත්න මහතාගේ දේහය රාජ්‍ය ගෞරව සඳහා හෙට (22) ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ඒම‍ට නියමිති.

දි.මු ජයරත්න මහතාගේ දේහය හෙට පස්වරු 1.00 සිට 3.00 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ පිහිටි උත්සව ශාලාවේ තැන්පත් කර තිබෙනු ඇත.

ජයරත්න මහතාගේ දේහයට ගෞරව දැක්වීමට සූදානමින් සිටින සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‍ට, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, රාජ්‍ය නිලධාරීන්ට, ඥාති හිතමිත්‍රාදීන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ඒ සඳහා දහවල් 12.30 වනවිට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කර සිටියි.

ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා වූ දි.මු ජයරත්න මහතා පාර්ලිමේන්තුවට මුල්වරට තේරී පත්වූයේ 1970 වසරේ දීය.

දි.මු  ජයරත්න මහතා අනුලා යාපා ජයරත්න මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාගේ සහ දියණියන් දෙදෙනකුගේ පියා විය.

Read more

Local News