කථානායක කාර්යාලයෙන් නිවේදනයක්

Share

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව විපක්ෂනායක තනතුර සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නමත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ නමත් යෝජනා කරමින් නම් දෙකක් ලැබුණ බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

ඒ අනුව එක් ලිපියකින් පාර්ලි‍මේන්තු  මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ  මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා යොමු කර ඇති බවත් අනෙක් ලිපියෙන් විපක්ෂ නායක ධුරය සඳහා පාර්ලි‍මේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 40 දෙනෙක් අත්සන් කළ  ලිපියක්ද ලැබුණ බවත් කථානායක කාර්යාලය නිවේදනය කරයි.

Read more

Local News