ඌව පළාතේ සහ යාපනය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි

Share

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් පරිදි ඌව පළාතේ සහ යාපනය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇති වේ.

සබරගමුව පළාතේ සහ නුවරඑළිය, කළුතර, ගම්පහ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස 2.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Read more

Local News