දුම්රිය කිහිපයක් ධාවනය කරන වේලාවන් සංශෝධනය කරයි

Share

දුම්රිය කිහිපයක් ධාවනය කරන වේලාවන් සංශෝධනය කර තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාසල් දරුවන්ගේ පහසුව සඳහා එම පියවර ගත් බවයි.

ඒ අනුව, පස්වරු 1.40ට කොළඹ කොටුව සිට රඹුක්කන දක්වා ධාවනය කරන දුම්රිය පස්වරු 1.25 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරනු ඇති.

මේ අතර, පස්වරු 1.45 ට කොටුව සිට පොල්ගහවෙල දක්වා නව දුම්රියක් ධාවනයට එක් කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

පස්වරු 1.55 ට කොටුව සිට වේයන්ගොඩ දක්වා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය මින් ඉදිරියට සෑම දුම්රිය ස්ථානයකම නතර කිරීමට ද දුම්රියේ දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇති.

මේ අතර ලබන 25 වනදා සිට මහනුවර සිට කොළඹ කොටුව දක්වා නව දුම්රියක් ධාවනයට එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

Read more

Local News