මුහුදු කූඩැල්ලන් සමඟ පස්දෙනෙක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව විසින් අද (22) අළුයම මන්නාරම, වංකාලේ වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් පස්දෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක් අතරතුරදී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ කටයුතුවල නිරතව සිටි මෙම පුද්ගලයින් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන තිබේ.

එහිදී ඔවුන් සතුව තිබී ඩිංගි යාත්‍රාවක්පිටත දහන යන්ත්‍රයක්, මුහුදු කූඩැල්ලන් 123ක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 29 ත් 44 ත් අතර වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගනී.

එම පුද්ගලයින්, මුහුදු කූඩැල්ලන්, ඩිංගි යාත්‍රාවපිටත දහන යන්ත්‍රය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News