එජාපය තුළ කණ්ඩායම් 2ක් නෑ

Share

රනිල් වික්‍රමසිංහ මහතාගේ කණ්ඩායම සහ සජිත් ප්‍රේමදාස මහතාගේ කණ්ඩායම් කියා කණ්ඩායම් දෙකක් එක්සත් ජාතික පක්ෂය තුළ දෙකක් දැනට නොමැති බව බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.

අද(22) ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ජය වෙනුවෙන් ඡන්දය භාවිතා කළ ලක්ෂ 55 ජනතාව ආරක්ෂා කළ යුතු බවත් ඔවුන්ගේ වගකීම බාර ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා මෙහිදී පවසා සිටියේ ප්‍රජාතන්ත්‍රවදය වෙනුවෙන් පසුගිය රජය සහ රටේ ජනතාවත් කැපවී තිබෙන බව අද පැහැදිලි පෙනෙන්ට ඇති බවයි.

මේ අතර වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නීතිය යුක්ති සහගතව සධාරණව ඉටු කරනු ඇතැයි ඔවුන් විසින් බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News