කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්

Share

කොලොන්නාව, රාජගිරිය සහ නාවල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද (23) දිනයේ පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි.

කොළඹ නගර සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු හේතුවෙන් අද පෙරවරු 09.00 සිට හෙට පෙරවරු 09.00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

ඒ අනුව කොලොන්නාව නගර සභා බල ප්‍රදේශය, රාජගිරිය,මොරගස්මුල්ල, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, නාවල, කොස්වත්ත සහ රාජගිරියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා මාර්ගය සහ ඊට සම්බන්ධ සියලු අතුරු මාර්ග ආශ්‍රිත ප්‍රදේශවල අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටුවනු ඇති.

මේ අතර  ජලනල පද්ධතියේ වැඩිදියුණු කිරිමක් හේතුවෙන්  ජාඇල සහ වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (24) දිනයේ පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හෙට පෙරවරු 08.00 සිට අනිද්දා පෙරවරු 08.00 දක්වා කාලයතුළ අදල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සදහන් කළේය.

ඒ අනුව කටුනායක – සීදුව, ජා ඇළ යන නගර සභා බල ප්‍රදේශවලට  සහ වත්තල – මාබෝල නගර සභා බල ප්‍රදේශයේ කොටසක්වන මාබෝල ප්‍රදේශයට අදාල කාලය තුළ ජලසැපයුම අත්හිටුවනු ඇති.

එමෙන්ම වැලිසර, කෙරවලපිටිය, දික්ඕවිට, මාටාගොඩ, බෝපිටිය, උස්වැටකෙයියාව, රාගම, වල්පොල, බටුවත්ත, හොරපේ, බන්ධනාගාර පාර, කුරුකුලාව, ජයශ්‍රීගම, පොල්ගහහේන සහ බෝයිස්ටවුන් යන ප්‍රදේශවලට ද අදාල කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය.

Read more

Local News